ගුවන් හමුදාධිපතිතුමන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි සිය වාර්ශික පරීක්‍ෂණය සිදුකරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2020 අගෝස්තු මස 28 වන දින පවත්වන ලදී.

පරීක්‍ෂණය ආරම්භ කිරීමට ප‍්‍රථම ගුවන් හමුදාධිපතිතුමන් විසින් පෙළපාලිය නිරීක්‍ෂණයට ලක්කරන ලද අතර කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එල් එච් සුමනවීර විසින් පෙළපාලියට අණදෙන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික ප‍්‍රදානය කිරීම සිදු කෙරිණි. එහිදී, බලපන්ති සැරයන් කුමාර කේඩබ්අයිවී , බලපන්ති සැරයන් ප‍්‍රියංකර එන්පීජී සහ ඒජී සුභසිංහ මහතා යන සේවා පුද්ගලයන් සහ සිවිල් සේවක මහත්මා හට  කඳවුර වෙත ඔවුන් දැක්වූ දායකත්වය හා සිදුකරන ලද කැපකිරීම් වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින්  ඇගයීමට ලක්කෙරිණි.

පරීක්‍ෂණය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු මූලස්ථානය, අංක 06 බලඝණය, අංක33 භූමිගත ගුවන් ආරක්‍ෂණ පක්‍ෂාංගය, සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය සහ අංක 21 රෙජිමේන්තු පක්‍ෂාංගය අතුළු කඳවුරේ සියළුම ස්ථාන සිය නිරීක්‍ෂණයට භාජනය කරන ලදී.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් අංක 06 බලඝනයේදී කඳවුරේ සියලු සාමාජිකයන් අමතන ලදී. අනතුරුව එතුමන් විසින් පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සියළු දෙනාට සුභ පතන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි