ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ දී තවත් ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කරයි
මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකරීන්හි නියුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 05 වන හෙලිකොප්ටර් බලඇණිය අගහිඟකම් සහිත ප‍්‍රජාව වෙනුවෙන් උපකාර කිරීම සුවිශේෂි ප‍්‍රජා සත්කාරක වැඩසටහක් 2020 අගෝස්තු මස 31 වන දින බි‍්‍රයාහි කොලාගා ප‍්‍රදේශයේදී ක‍්‍රියාත්මක කරන ලදී.

වසංගතය හේතුවෙන් මෑතකදී එවැනි වැඩසටහන් නොපැවැත්වූ බැවින් බොහෝ ළමයින්ට සහ වැඩිහිටියන්ට මෙම අවස්ථාවෙහිදී ප්‍රතිලාභ ලැබුණි. ලිපි ද්‍රව්‍ය, සෙල්ලම් බඩු සහ ඇඳුම් ඇතුළු විවිධ භාණ්ඩ ළමුන් අතර බෙදා දෙන ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම රෙදිපිළි දුසිම් ගණනක් තෑගි කරන ලද අතර, ඔවුන් විසින් ක්‍ෂඵෂක්‍ ක්‍රියාකාරකම් පිළිබඳව ඉතා කෘතඥ විය.
 
මෙම වැඩසටහන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කසුන් වන්නිආරච්චි මහතාගේ මගපෙන්වීම යටතේ ක‍්‍රියාත්මක වූ අතර සහ ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සියළුම සාමාජිකයන්ගේ ඉමහත් සහයෝගය සහ හෘදයාංගම කැපවීම දායකත්වය මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීම උදෙසා ඉවහල් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි