ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව උඩවලව වන රක්ෂිතයේ නැවත වන වගා වැඩසටහන ආරම්භ කරයි
ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ නායකත්වය හා මූලිකත්වයෙන් ගුවන් හමුදා විධායක කෘෂී ඒකකය සහ වීරවිල ගුවන් හමුදා කඳවුර සමඟ එක්ව 2020 සැප්තැම්බර් 29 වන දින උඩවලව රක්ෂිතයේ තෝරාගත් ඉඩම්වල නැවත වන වගා වැඩසටහන ආරම්භ කරන ලදී. ඒ අනුව, ගුවන් හමුදා විධායක කෘෂී ඒකකය මගින් වර රක්‍ෂිතයේ අක්කර එකක පමණ ප‍්‍රමාණයක මී, පලු, කොහොඹ යන ශාක පැල සිටුවන ලදී.
මෙම නැවත වන වගා වැඩසටහනේ විශේෂත්වය වූයේ මෙම ඉඩම් මීට පෙර නීති විරෝධී ගංජා වගාවන් සඳහා භාවිතා කොට තිබීමයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ භට පිරිස් විසින් 2020 අගෝස්තු 20 වන දින උඩවලවේ වනාන්තරය තුළ හඳුනාගත් ගංජා වගා ස්ථාන 8 ක් සාර්ථකව විනාශ කරන ලදී.