රණවිරු සේවා අධිකාරියෙන් රණවිරු පවුල්වල සුභසාධනය උදෙසා ජංගම සේවාවක් දියත්කරයි
ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය උදෙසා ජංගම සේවාවක් දියත් කිරීමට රණවිර සේවා අධිකාරිය කටයුතු සංවිධානය කොට තිබේ. මෙම විශේෂ වැඩසටහන රටදැය වෙනුවෙන් තම දිවි පරිත්‍යාග කළ, ඇස් ඉස් මස් ලේ පරිත්‍යාගකරමින් ආබාධිත තත්වයට පත්වූ, රටේ ඒකීයත්වය උදෙසා රුදුරු ත‍්‍රස්ථවාදීන් සමග සටනේදී අතුරුදහන් වූ සහ සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සමාජිකාවන්ගේ සුභසාධනය උදෙසා දියත්කරනු ලැබේ. ඒ අනුව, 2020 ඔක්තෝම්බර් මස 3 වන දින උදෑසන 8.00 සිටි සිවස 5.00 දක්වා සාලියපුර ගජබා රොජිමේන්තු මූලස්ථානයේදී ආරක්‍ෂක ලේකම් (විහ‍්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ත‍්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිතුමන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරේ.

රණවිරුවන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහ සුභසාධනය කාර්යක්‍ෂමව ඉටුකරලීම උදෙසා මෙම ජංගමසේවාවේ පළමු අදියර කළුතර දිස්ත‍්‍රිකයේ පැවැත්වුණු අතර එහි දෙවන අදියර මෙලෙස සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයෙන් ඇරඹීමට නියමිතය.

රණවිරු සේවා අධිකාරිය විසින් ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මියගිය, ආබාධිත වූ, ක‍්‍රියාන්විතයේදී අතුරුදහන් වූවන්ගේ සහ විශ‍්‍රාමිකයන්ගේ පවුල්වල ළඟම ඥාතීන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ආරාධනා කර සිටිනු ලබයි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි