ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුරේ නිරෝධායනයට ලක්වු 182 ක් සිය නිවෙස් කරා පිටත්කර හරියි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක් වු සිවිල් පුද්ගලයින් 182 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව 2020 ඔක්තෝම්බර් මස 02 වන දින සිය නිවෙස් කරා පිටත්ව යන ලදී. මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සිය නිවෙස් කරා පිටත්කර හරින ලද්දේ ජෝර්දානයේ සිට දිවයිනට පැමිණි ශ‍්‍රී ලාංකික පුරවැසියන් පිරිසකි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත  නිරෝධායන කාල තුලදී නිරෝධායනට ලක්වු පුද්ගලයන් සඳහා අවශ්‍ය සියළුම පහසුකම් මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුලදී  සපයා දීමට ගුවන් හමුදාව කටයුතු කරනු ලැබීය. වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඉන්ද්‍රජිත් වීරසූරිය ඇතුලු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම පිරිස නිරෝධායනයට ලක් කෙරුණු අතර නිරෝධායන ක‍්‍රියාවලියෙන් අනතුරුව සිය නිවෙස් කරා පිටත් කර හැරීමට ගුවන් හමුදාව කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි