චීනවරාය අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 11 වැනි සංවත්සරය සමරයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ස්ථාපිත අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2020 ඔක්තෝබර් 15 වන දින සිය 11 වන සංවත්සරය එහි අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සුමේධ හලහකෝන් මහතාගේ නායකත්වය යටතේ සමරනු ලැබීය.

චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා සංවත්සර දින වැඩසටහන් මාලාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. බලඝණයේ සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් වොලිබෝල් තරඟාවලියක් පවත්වන ලද අතර සහ සියලු නිලයන් සඳහා දිවා දිවා භෝජන සංග‍්‍රහයක්ද සංවිධානය කොට තිබිණි.

තවද, රේඩාර් වාහනවල මාර්ග යෝග්‍යතා පරීක්ෂණය (TYPE VOLVO) සහ YLC-18M රේඩාර් පද්ධතියේ ඇන්ටෙනාව නැවත පින්තාරු කිරීම 2020 ඔක්තෝම්බර් මස 11 සිට 14 වෙනිදා දක්වා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි