ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයට ලක්වූ 178 දෙනෙකු සිය නිවෙස් කරා පිටත්කර හරියි
කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 136 දෙනකු සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ සේවයේ නියුතු 42කු පිළිවෙලින් වන්නි ගුවන් හමුදා කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙ  සහ ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වී සිය නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව 2020 ඔක්තෝම්බර් මස 24 වන දින සිය නිවෙස් කරා පිටත් කර හරින ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති කොවිඩ්- 19 වෙෙරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහනට සහය දැක්වීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ස්ථාපිත කරන ලදී.

නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් හට තවත්දින 14 ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් දී ඇත. වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඉන්ද‍්‍රජිත් වීරසූරිය සහා ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් රොහාන් පතිරණ ඇතුළු කාර්ය මණ්ඩලයන්හි අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධාන කටයුතු නිම කිරීමෙන් පසු ඔවුන් මෙසේ සිය නිවෙස් කරා පිටත් කරන ලදී.

වන්නි ගුවන් හමුදා කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය

ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු නිරෝධායන මධ්‍යස්ථාන

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි