හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර ලේ දන් දීමේ ව්‍යාපාරයක් පවත්වයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර 2020 ඔක්තෝබර් 28වෙනිදින කඳවුරු පරිශ්‍රයේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක් පවත්වන ලදී. කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්එච්ඩීඑන් ඩයස් මහතාගේ මඟ පෙන්වීම යටතේ පොලොන්නරුවේ දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව සමඟ එක්ව මෙම ලේ දන් දීමේ ව්‍යාපාරය පවත්වන ලදී.

රටේ පවතින සෞඛ්‍ය තත්වය තුළ රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට රුධිරය පරිත්‍යාග කිරීම මෙම ලේ දන් දීමේ ව්‍යාපාරය පැවැත්වීමේ පරමාර්ථය විය. මෙම අවස්ථාවට නිලධාරීන් ඇතුළු 109 දෙනෙකු පමණ සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි