සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි
සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට පෙර සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හමුවීම 2020 ඔක්තෝම්බර් මස 29 වන දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කළේය.
කෙටි පිළිසඳරකින් අනතුරුව එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතිගරු ජනාධිපතිතුමන් විසින් තමන් වෙත ලබාදුන් මඟ පෙන්වීම සහ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාට සමරු තිළිණයක්ද ප්‍රදානය කළේය.
ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපති ලෙස කටයුතු කර විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් හට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය සුභාශිංසන එක් කරනලදී.