
එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හට එයාර් චීෆ් මාර්ෂල් නිළයට උසස් වීමක්
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හට සන්නද්ධ හමුදා සේනාධිනායකයා වශයෙන් පැවරී ඇති බලතල ප‍්‍රකාරව එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හට එයාර් චීෆ් මාර්ෂල් නිළය දක්වා උසස් වීමක් 2020 නොවැම්බර් මස 01 වෙනිදින සිට බලපැවැත්වෙන පරිදි ප‍්‍රදානය කරනලදී.
එයාර් චීෆ් මාර්ෂල් ඩයස් 2019 මැයි මස 29 වනදින 17 වන ගුවන් හමුදාධිපති ලෙස රාජකාරි ආරම්භ කරන ලද අතර 2020 නොවැම්බර් මස 02 වන දින සේවයෙන් විශාම යෑමට නියමිත වෙයි.
එයාර් චීෆ් මාර්ෂල් ඩයස් 2019 මැයි මස 29 වනදින 17 වන ගුවන් හමුදාධිපති ලෙස රාජකාරි ආරම්භ කරන ලද අතර 2020 නොවැම්බර් මස 02 වන දින සේවයෙන් විශාම යෑමට නියමිත වෙයි.