නැගෙනහිර හදිසි ගංවතුරෙන් අවතැන් වූ ජනයා හට ගුවන් මගින් නොකඩවා අධාර
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගංවතුරෙන් අවතැන් වූ නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව සදහා ලබා දුන් විශාලතම අත්‍යවශ්‍ය වියලි ආහාර තොගය අද උදැසන ගුවන් මගින් ප්‍රවාහනය කරන ලදී.

ගුවන් හමුදාව සතු අංක 06 බළඝනයට අයත් එම්.අයි 17 හෙලිකොප්ටර් යනා, අංක 07 බළඝනයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා හා අංක 02 ප්‍රවාහන බළඝනයට අයත් ඇන්ටනෝ වර්ගයේ ගුවන් යානා යොදා ගනිමින් මෙම අති විශාල වියලි ආහාර තොගය කොළඹ නගරයේ සිට නැගෙනහිර ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙත ගුවන් මගින් ප්‍රවාහනය කරන ලදී.

ව්පතට පත් ජනතාව වෙනුවෙන් රජයේ හා මහජනතාවගේ පරිත්‍යාගයෙන් ලද හාල්, පරිප්පු, පිටි,සීනී හා බිස්කට් ටොන් 06 ට අදික වියලි ආහාර තොගයක් අද දිනය ඇතුලත ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට ගුවන් හමුදා ගුවන් යානා සමත් විය.

විවිද ප්‍රදේශයන් වෙත ගුවන් මගින් හෙලූ ආහාර ප්‍රමානය

මඩකලපුව ප්‍රදේශය සදහා කි.ග්‍රෑ 1038 අදික බනිස් හා පිටි කැම වර්ග
සෙරුනුවර සදහා කි.ග්‍රෑ 800 අදික වියලි ආහාර
කල්ලාරු ප්‍රදේශය සදහා කි.ග්‍රෑ 1800 අදික වියලි ආහාර
කල්ලාරු ප්‍රදේශය සදහා කි.ග්‍රෑ 1783 අදික වි
යලි ආහාර
කල්ලාරු ප්‍රදේශය සදහා කි.ග්‍රෑ 750 අදික වියලි ආහාර






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි