ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් සුදර්ශන පතිරන මහතා 2020 නොවැම්බර් මස 09 වන දින ශ‍්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා හමුවිය.
මෙහිදී නාවික හමුදා සම්මාන පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානය වෙත ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූහ. ගුවන් හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර පැවති සුහද සාකච්ජාවෙන් අනතුරුව මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.