අළුතින් පත්කරන ලද දක්‍ෂිණ ගුවන් අඥාපති ධුරයේ රාජකාරීන් අරඹයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිනවයෙන් ආරම්භ කරන ලද දක්‍ෂිණ ගුවන් ආඥාපති තනතුර සඳහා පත්කරන ලද කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පළමු දක්‍ෂිණ ගුවන් ආඥාපති වශයෙන් ධූරයේ රාජකාරීන් ආරම්භ කිරීම 2020 නොවැම්බර් මස 10 වන දින දක්‍ෂිණ ගුවන් ආඥාපති නිළ කාර්යාලයේදී සිදුකරන ලදී.
පළමු දක්‍ෂිණ ගුවන් ආඥාපතිතුමන් නිළ කාර්යාල පරිශ‍්‍රය වෙත පිළිගැනීම රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ආර්එස් වික‍්‍රමරත්න, සියළුම පක්‍ෂාංග අණදෙන නිළධාරීන් සහ සෙසු නිළධාරීන් විසින් සිදුකරන ලද අතර අනතුරුව නිළ කාර්යාලය වෙත කැඳවාගෙන යන ලදී.
නව නිළ කාර්යාලයේ රාජකාරීන් ආරම්භ කිරීමට ප‍්‍රථම සම්ප‍්‍රායානුකූලව පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නිළ රාජකාරී ලිපියට අත්සන් තබන ලදී.
මෙම ෙඓතිහාසික දිනය සිහිපත් වීම පිණිස නව පැළයක් රෝපණය කිරීම සහ නිළ සමූහ ඡුායාරූපයකට පෙනි සිටීමද සිදුකරන ලදී.