හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 42 වන සංවත්සරය සමරයි

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 42 වන සංවත්සරය කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ධම්මික ඩයස් මහතාගේ මගපෙන්වීම යටතේ 2020 නොවැම්බර් මස 23 වන දින සමරන ලදී.

සංවත්සර දින සැමරුමට සමගාමීව 2020 නොවැම්බර් මස 19 වන දින ජාතික ලේ බැංකුව හා එක්ව ලේ දන් දීමේ වැඩසටහනක් කදවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

එසේම සංවත්සර දිනය සමරමින් පැල සිටුවීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලද අතර එහිදී පැල 80 රෝපණය කරන ලදී. සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකින් සංවත්සර දින වැඩසටහන් මාලාව අවසන් විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි