විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ
විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති අද්මිරාල් ටී.එස්.ජී සමරසිංහ විශ්‍රාම යාමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිඅති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක අද උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී හමුවිය.
ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයට පිවිසි නාවික හමුදාපති ටී.එස්.ජී සමරසිංහ වෙත බලපන්ති ලුතිනන් ප්‍රසාද් කුලතුංග අණ දුන් ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව නාවික හමුදා පති විසින් පෙළපාලිය පරික්ෂාකරන ලදී.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එආර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක නාවික හමුදාපතිව උණුසුම්ලෙස පිළිගත් අතර කොළඹ කදවුරු අණදෙන නිල්ධාරී ගුවන් කොමදෝරු විජිත ගුණරත්න ඇතුළු නිළධාරීන් රැසක් මේ අවස්ථාවට එක් විය.
මෙම සුහද හමුව සංකේතවත් කිරීම සදහා සමරු ඵලක හුවමාරුවක් ද සිදුකෙරෙනු අතර ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා උසස් නිලධාරින් ද හමුවිය.