චීන වරාය විද්‍යාපීඨයේ නව පීඨාධිපති රාජකාරි අරඹයි
එයාර් වයිස් මාර්ෂල් ආර්ඒයූපී රාජපක්‍ෂ විසින් පීඨාධිපති ධූරයේ රාජකාරීන් නව පීඨාධිපති එයාර් කොමඩෝර් වීබී එදිරිසංහ හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2020 දෙසැම්බර් මස 03 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ සරඹ පිටියේදී පැවැත්විණි. පීඨාධිපති ධූරයේ යෂ්ටිය භාරදීම මගින් දූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.

මෙහිදී හිටපු පීඨාධිපතිතුමන් විසින් පෙළපාලිය සහ සියළු සාමාජික සාමාජිකාවන් අමතමින් තම ධූර කාලසීමාව තුළ කඳවුරේ සියළුම කටයුතු සඳහා දක්වන ලද දායකත්වය ඇගයීමට ලක් කල අතර ඒ වෙනුවෙන් සියළුම දෙනාට සිය ස්තුතිය ප‍්‍රකාශ කරන ලදී.   

නව පීඨාධිපති එයාර් කොමඩෝර් වීබී එදිරිසිහ 2020 දෙසැම්බර් මස 4 වන දින ආගමික ආශිර්වාද මධ්‍යයේ පීඨාධිපති කාර්යාලයේදී ආරකාරීන්ආරම්භ කරනලදී. නව පීඨෘධිපතිවරයා පීඨාධිපති ධූරයට අමතරව නැගෙනහිර ගුවන් විධානයේ අණදෙන නිලධාරීවරයා වශයෙන්ද පත්විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි