සේවා වනිතා ඒකකයෙන් ත්‍යාග පාර්සල් ප‍්‍රදානයක් 
ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ පූර්ණ මගපෙන්වීම යටතේ  ගුවන් හමුදා සක‍්‍රීය සේවයේ යෙදී සිටියදී දේශයේ අනාගතය වෙනුුවෙන් තම ජීවිත පූජා කල සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර ගුවන් හමුදා සාමාජිකයින්ගේ දරු දැරියන් උදෙසා විශේෂ ත්‍යාග පාර්සල් ප‍්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ  2020 දෙසැම්බර් මස 23 වන දින ගුවන් හමුදා මූලස්ථාන ෙස්වා වනිතා ඒකකයේදී සංකේතාත්මකව ත්‍යාග පාර්සල් කිහිපයක් ප‍්‍ර‍්‍රදානය කිරීම සිදුකරන ලදී.

අනෙකුත් සියයළුම ත්‍යාග පාර්සල් ඒ ඒ දරු දැරියන් හට ප‍්‍රදානය කිරීම සඳහා විද්‍යාපීඨ, මූලස්ථාන සහ කඳවුරු වෙත බාරදෙන ලදී. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි