ගුවන් හමුදාව 2021 වසරේ රාජකාරි අරඹයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2021 වසරේ රාජකාරී අරඹමින් 2021 ජනවාරි මස 01 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පළමු වැඩ පෙළපාලිය පවත්වන ලදී.
ජාතික ධජය ඔසවා ජාතික ගීතය ගායනා කිරීමෙන් ඇරඹි පළමු වැඩපෙලපාලිය මිනිත්තු දෙකක නිශ්ෂබ්දතාවයක් රකිමින් දේශයේ අනාගතය යහපත් කිරීම උදෙසා තම දිවි පරිත්‍යෘග කල වීරෝධාර රණවිරුවන් සිහිපත් කරන ලදී.
අනතුරුව, ගුවන් හමුදා මූලස්ථානයේ සිට සජීවීව සියළුම ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ඇමතූ ගුවන් හමුදාධිපතිතුමන් 2020 වසරේදී පෙර අතිවිඳින්නට නොවූ අත්දැකීම් හා අභියෝගයන් රාශීයකට දේශයක් වශයෙන් අපට මුහුණු දෙන්නට සිදුවූූ බවත් එහිදී සියළුම ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සිදු කරන ලද සේවය ඇගයීීමට ලක්කරන ලදී. එසේම ගුවන් හමුදාව මෙම වසරේදී සියය 70 වෙනි සංවත්සරය සමරනු ලබන බවත් දේශයේ අනාගතය, සුරක්‍ෂිත කරනු පිණිස ගුවන් හමුදාවට ඉදිරි කාලය තුළ ඉමහත් වූ රාජකාරියක් පැවරෙන බවද අවධාරණය කළේය.
අවසානයේ ගුවන් හමුදා මූලස්ථාන බිම් මහලේ සර්ව ආගමික වතාවත් ඉටුකරමින් රටටත්, ගුවන් හමුදාවටත්, ගුවන් හමුදා සාමාජික සාමාජිකකාවන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සියළුම සාමාජික සාමාජිකාවන්ටත් ඉදිරි වසර සෞඛ්‍ය සම්පන්න නව වසරක් වේවායි ආශිර්වාද කරන ලදී.