
පාකිස්තානයේ අග‍්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමන් දිවයිනෙන් පිටත්ව යයි
දින දෙකක ඓතිහාසික සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමන් 2021 පෙබරවාරි මස 24 වන දින දිවයිනෙන් පිටත්ව ගියේය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා දිවයිනෙන් පිටත්ව යන පාකිස්ථාන අග5ාමාත්‍යතුමන්ට සමුදීමේ අවස්ථාවට එක්විය. දිවයිනෙන් පිටත්ව යන අග‍්‍රාමාත්‍යතුමන් රැුගෙන යාමට පැමිණි විශේෂ ගුවන් යානය වෙත බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර මාර්ග පෙළ ඛන්ඩයක් මගින් උත්තමාචාර දැක්වීමද සිදුකරන ලදී.
විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මැතිතුමා, පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් සහ රජයේ උසස් නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මැතිතුමා, පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් සහ රජයේ උසස් නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.






