
ගුවන් හමුදා 70 වැනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී විශේෂ පිච්ච මල් පුජාවක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 70 වෙනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී 2021 මාර්තු 01 වන දින සවස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පිච්ච මල් පුජාවක් පැවැත්විණි. මාතෘභූමිය හා සමස්ත ගුවන් හමුදාව වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ, ආබාධිත තත්වයට පත්වූ, සක‍්‍රීය සේවයේ යෙදීසිටින වීරෝධාර ගුවන් හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට ආශිර්වාද පැතිම උදෙසා මෙම විශේෂ පිච්ච මල් පුජාව සංවිධානය කරන ලදී.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරින් සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරින් සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.





























