සංචාරක පාකිස්ථාන ගුවන් හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් සහ අග්‍රාමාත්‍යතුමන් හමුවෙයි
10:22am on Saturday 3rd July 2021
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනයෙන් ගුවන් හමුදා 70 වෙනි සංවත්සර සැමරුමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් මුජාහිද් අන්වර් ඛාන් මහතා 2021 මාර්තු මස 4 වන දින් ගුවන් හමුදා මූලාස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය. කොලඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ජානක අමරසිංහ මහතා විසින් එතුමන් ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පිළිගන්න් ලද අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක් මගින් උත්තමාචාර දැක්වීමද සිදුකරන ලදී.
පාකිස්ථාන ගුවන් හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුාදධිපතිතුමන් අතර සුහද පිළිසඳරකින් අනතුරුව සංචාරය සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමද සිදුකරන ලද අතර අනතුරුව, සංචාරක ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයද හමුවිය.
අනතුරුවල පාකිස්ථාන ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක අමාත්‍යාංශ සහ ජාතික ආරක්ෂාව හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය. එතුමන් ආරක්ෂක ලේකම්තුමන් හමුවට කැඳවාගෙන යාම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදුකරන ලදී.
අවසානයේ සංචාරක බංගලාදේශ ගුවන් හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාද හමුවිය, හමුව අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

Commander of the Air
Force
Secretary to the Ministry of
Defence
Prime
Minister