ගුවන් හමුදා 70 වෙනි සංවත්සර ගුවන් යානා සංදර්ශනය නිමාවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 70 වෙනි සංවත්සරය 2021 මාර්තු මස 02 වෙනි දින අති උත්කර්ශවත් අන්දමින් සමරන ලදී. 70 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ලද ගුවන් යානා සංදර්ශනය 2021 මාර්තු මස 03 වන දින සිට ගාලුමුවදොර දී ආරම්භ වූ අතර මාර්තු 05  වන දින නිමාවට පත්විය. අවසන් දින සංදර්ශනයේ ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රජපක්‍ෂ මහතා සහභාගී විය.

මෙම ගුවන් යානා සංදර්ශනය බෙල් 212, බෙල් 412 , එමඅයි 17  හෙලිකොප්ටර් යානාවන්, සේසනා 150, බීච් කින්ග් බී 200, එම්ඒ 60 ගුවන් යානාවන්ගෙන් සහ එෆි 7 ප‍්‍රහාරක ජෙට් යානාවන්ගේන සමන්විත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා සංදර්හණයකින් ආරම්භ වූ අතර අනතුරුව ඉන්දීය ගුවන් හමුදා ඩෝනියර් 228 ගුවන් යානා සහ තේජාස් ප‍්‍රහාරක ජෙට් යානා සංදර්ශනයකින්ද සමන්විත විය. අනතුරුව ඉන්දීය ගුවන් හමුදාවේ සාරන්ග් හෙලිකොප්ටර් යානා සංදර්ශනයකින් සහ සූර්ය කිරන් ගුවන් යානා සංදර්ශනයකින්ද වර්ණවත් විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ එෆ් 7 ප‍්‍රහාරක ජෙට් යානා මගින් ගුවනේ සිට ආචාර කරමින් සංදර්ශනය නිමාවට පත්කෙරිණි.


Day 2 Images

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි