වසර 35 කට අධික කාලයක් රට ජාතිය වෙනුවෙන් සේවය කළ ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
වසර 35 කට අධික කාලයක් රට ජාතිය හා ගුවන් හමුදාව වෙනුවෙන්  කැපවීමෙන් සේවය කළ එයාර් වයිස් මාෂල් පීඩීකේඨී ජයසිංහ 2021 මාර්තු මස 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් විශ‍්‍රාම යන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් හට සිය කාර්යාලයේදී නිල සමුගැනීමක් සිදු කරන ලදී. එහිදී විශේෂයෙන් ජාතියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කරන ලද කැපවීමෙන් හා විශිෂ්ට සේවාව පිළිබඳව ගුවන් හමුදාධිපතිවරයා එයාර් වයිස් මාෂල් ජයසිංහ ප්‍රශංසා කළේය. මෙම අවස්ථාව  සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහ එයාර් වයිස් මාෂල් ජයසිංහ සමරු සිහිවටන හුවමාරුවක් සිදුකරගත් අතර ඉන් අනතුරුව එයාර් වයිස් මාෂල් ජයසිංහ හට හමුදා මූලස්ථානයේදී වර්ණ පක්ෂාංගය විසින්  උත්තමාචාර පෙළපාලියක් මගින් උත්තමාචාර පිරිනමන ලදී.

එයාර් වයිස් මාෂල් බජයසිංහ 1985 ජූලි 02 වන දින  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු අතර 1987 ජනවාරි මස 02 වන දින වන දින නියමු පොධු රාජකාරී ශාඛාවේ නිලධාරියෙකු ලෙස අධිකාරිත්වයට පත්විය. ඔහු ප‍්‍රභූ ආරක්‍ෂක ඝනයේ ගුවන් නියමුවෙකු වන අතර හෙලිකොප්ටර් යානා සහ ගුවන් යානා යන ද්විත්වයෙන්ම පියාසර පැය 6500 ක් පමණ සම්පූර්ණ කොට තිබේ.

ඔහුගේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් හමුදා ජීවිතය තුළ රණ වික‍්‍රම පදක්කම එක් වරක් සහ රණ ශූර පදක්කම තෙවරක් හිමිකරගෙන තිබේ. විශිෂ්ට සේවා විභූශනයෙන් සහ උත්තම සේවා පදක්කමද  ලබාගන ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි