අවුරුදු උදානය හා අවුරුදු පොළ සමගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා සුභපැතුම්
2:42pm on Wednesday 28th July 2021
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුභසාධන අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අවුරුදු උදානය සහ අවුරුදු පොල වාර්ෂික උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිළධාරී තුමන් සමඟ එක්ව ඊයේ (2021 අප්‍රේල් 08) ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරන මහතා සහභාගී වූ අතර සුභසාධන අධ්යක්ෂ එයාර් වයිස් මාෂල් කපිල වනිගසූරිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරන මහත්මිය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තාව පිළිගනු ලැබීය.
මෙම සැමරුම් උත්සවයේදී සාම්ප්‍රදායික අවරුදු හා ජන ක්‍රීඩා මාලාවක් සංවිධානය කර තිබූ අතර බොහෝ දෙනා අපේක්ෂා කළ අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීටම් තරගයද වේදිකා ගත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයන්හි ප්‍රධානීන්, ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ අණදෙන නිලධාරී තුමන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන්, ගුවන් භටයින්, සිවිල් කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සමඟ මේ සඳහා සහභාගී විය. තවද මෙහිදී සහනදායී මිල ගණන් යටතේ ලබා දෙන විවිධ නිෂ්පාදන ඔවුන් සතුටින් මිලදී ගන්නා අයුරු දැකගත හැකි විය.

Aurudu
Udanaya
Avurudu
Pola