නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර කෝප්‍රල් තනතුරට උසස් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් 2021 අප්‍රේල් 11 වන දින තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා  පිහිනා ගොස් නැවත පැමිණ ආසියාතික පිහිණුම් වාර්ථාවක් පිහිට වූ නායක ගුවන් භට අබේසුන්දර හට  ඔහුගේ දක්ෂතාවය ඇගයීම උදෙසා කෝප‍්‍රල් තනතුරට උසස් කරන ලදී.

සාර්ථකත්වය කරා ගෙන යන ඔහුගේ කැපවීම පිළිබඳ ගුවන් හමුදාධිපතිතුමන් ඔහුට සුබ පැතුම් එක් කළ අතර ගුවන් හමුදා මූලස්ථානයේ පැවති උත්සවය අතරතුරදී ඔහුට ත්‍යාගයක්ද පිරිනමන ලදී. මෙම අවස්ථාවට භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක, ක්‍රීඩා අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි