පිහිනුම් වාර්ථාවක් තැබූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිහිණුමි ශූරයා පරිසර ඇමතිවරයාගේ ගෞරව සම්මානයට
නව ආසියාතික පිහිණුම් වාර්ථාවක් තැබූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූරයෙකු වන කෝප්‍රල් රොෂාන් අබේසුන්දර මහතා ඇගයීමේ උත්සවයක් පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දින (2021 අප්‍රේල් 21* පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා කෝප්‍රල් අබේසුන්දර මහතා සහභාගී වූ අතර ඔහු ප්ලාස්ටික් මලු හා බෝතල් වැනි අපද්‍රව්‍ය වලින් තොරව අපේ ලස්සන සාගරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කමේ පණිවුඩය මෙමගින් ලබා දෙන ලද බව ප‍්‍රකාශ කර සිටින ලදි. කෝප්‍රල් අබේසුන්දර වෙහෙස මහන්සි වී ලබාගත් මෙම ජයග්‍රහණය ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා සිය දේශනයේදී කියා සිටියේ මෙම ක‍්‍රියාව තුළින් ශ‍්‍රී ලාංකික අපගේ පිරිසිදු රටක් සඳහා වැඩ කිරීමේ වැදගත්කම පිළිබඳ පණිවිඩය ලෝකයට ගෙන යන බවයි. තවද මෙහිදී කෝප්‍රල් අබේසුන්දර මහතා පරිසර සඳහා ගෞරවනීය සන්නාම තානාපති ලෙසද පත් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එස්එන් ප්‍රනාන්දුපුල්ලේ සහ ගුවන් හමුදා හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.