ශ‍්‍රී ලංකා පොලීසියට ඩ්‍රෝන යානා භාවිතා කරමින් රථවාහන කළමනාකරණ මෙහෙයුම් කිරීම සඳහා ගුවන් හමුදාවේ සහාය
මිනිසුන් රහිත ගුවන් යානා (යූඒවී) සහ ඩ්‍රෝන යානා මෙහෙයුම් ක්ෂේත්‍රයේ තාක්‍ෂණික පළපුරුද්ද ඇති ප්‍රමුඛ ආයතනයක් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පොලිස් විශේෂ කාර්ය බළකායට (එස්ටීඑෆ්) සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට තාක්‍ෂණික දැනුම ලබා දීමේ වැඩසටහනක් අද දින (2021 මැයි 06) පෙරවරුවේදී නුගේගොඩ දී පැවැත්විණි.

මෙහි මූලික සැසිය අද දින ගුවන් හමුදා ඩ්‍රෝන යානා මෙහෙයුම්කරුවන්, විශේෂ කාර්ය බලකාය සහ රථවාහන පොලිසියේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර මෙම මෙහෙයුම් වල අරමුණ ඩ්‍රෝන යානා භාවිතයෙන් වාහන තදබදයක් ඇති ස්ථාන නිරීක්ෂණය කිරීම සහ තදබදය අවම කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම අවශ්‍ය ස්ථාන වෙත යොමු කිරීමයි. මෙම ක්‍රමය මගින් පොලිස් නිලධාරීන්ට රථවාහන නීති උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය කිරීමට සහ ඩ්‍රෝන යානා මඟින් ලබා ගත් දර්ශන එවැනි වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමේදී භාවිතා කිරීමට ද හැකි වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි