ගුවන් හමුදාපතිතුමන් මුල්ලෙරියාව රෝහලේ ඉදිකෙරෙමින් පවතින වාට්ටු සංකීර්ණයේ තත්වය සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවක
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (2021 මැයි 14) උදෑසන මුල්ලේරියාව මුලික රෝහලේ  ඉදිකෙරෙමින්  පවතින වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ස්ථානයට පැමිණියේය.වර්තමාන කොවිඩ් -19 අර්බුදයට පෙර 2021 මාර්තු 23 දින ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙම වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ අඩි 100 x 30 ක වාට්ටු පහකින් (05) සමන්විත වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමයි.

අද දින මෙම සංචාරය සදහා ගුවන් හමුදාධිපතිතුමන් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර , වැඩබලන සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් කොමදෝරු උදුල විජේසිංහ සහ මුල්ලේරියාවේ කොළඹ නැගෙනහිර මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතාද එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි