ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අළුතින් ඉදිකරන ලද ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය වෙත ගෙන යයි
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අළුතින් ඉදිකරන ලද ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය වෙත ගෙන යන ලද ආරක්ෂක අමාත්‍යාංශය අද (2021 මැයි 18) උදෑසන ආරම්භ විය. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ දිනට වසර 12 ක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණු අතර නව අමාත්‍යාංශ පරිශ්‍රය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරු සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි