දකුණු සූඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් හමුදා 05 වන බලඇණිය සදහා පදක්කම් ප්‍රධානය කෙරේ
දකුණු සූඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරි කටයුතු සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සාර්ථකව රාජකාරි සිදුකල 05 වන සාමසාධක හමුදා බලඇණිය සදහා පදක්කම් ප්‍රධානය කිරිමේ පෙළපාලි උත්සවයක් 2021 ජුනි මස 21 වන දින දකුණු සූඩානයේ බෝර්හි පිහිටි 5 වන සාමසාධක හමුදා අනුඛන්ඩ පරිශ්‍රයේදි කොවිඩ් 19 වැලැක්විමේ මාර්ගෝපදේශයන්ට අනූකූලව පවත්වන ලදි.
මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ෂයිලීස් ටිනයිකර් සහභාගි වු අතර අනුඛන්ඩ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් දුලීප් හේවාවිතාරණ විසින් එම මහතා පිළිගන්නා ලදි.