අංක 49 සරඹ උපදේශක පුහුණු පාඨමාලාවේ ගුවන් භටයින් සදහා පියවර කෝදු ප්‍රධානය කෙරේ
අංක 49 සරඹ උපදේශක පුහුණු පාඨමාලාවේ පියවර කෝදු ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (2021 ජූනි 21) ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාවේදී පැවැත්විණි. සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පීඑස්එන් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා පුහුණු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ආර්එන්ඩී සේනාධීර, සියලුම නිලධාරීන් සහ උපදේශකයින් ද සහභාගී වු අතර පාඨමාලාවේ සෑම අතින්ම දක්ශ සරඹ උපදේශක ලෙස සැරයන් රාජකරුණා ආර්එන්ඒඑන් සම්මාන ලැබීය.
 
උත්සවය අතරතුරදී ගුවන් භටයින් අට දෙනෙකු (08) හට පියවර කෝදු ලබා ගැනීමට සුදුසුකම් ලැබූ අතර අණදෙන නිලධාරී නව උපදේශකවරුන් අමතා පාඨමාලාව සාර්ථකව නිම කිරීම ගැන ඔවුන්ට සුබ පැතුවේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි