ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි සිය වාර්ෂික පරික්ෂණය සිදුකරයි
9:08am on Thursday 14th October 2021
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2021 ජුලි මස 01 වන දින පවත්වන ලදී.

පරීක්‍ෂණය ආරම්භ කිරීමට ප‍්‍රථම ගුවන් හමුදාධිපතිතුමන් විසින් පෙළපාලිය නිරීක්‍ෂණයට ලක්කල අතර වැඩබලන උතුරු ගුවන් හමුදාපති සහ කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් එස්ඩීජීඑම් සිල්වා  විසින් පෙළපාලියට අණදෙන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික ප‍්‍රදානය කිරීම සිදු කෙරුනු අතර එහිදී සැරයන් සුගතපාල ආර්ජීඑස්කේ සහ එම්එම්ඒටී සමන් බණ්ඩාර මහතා හට කඳවුර වෙත ඔවුන් දැක්වූ දායකත්වය හා සිදුකරන ලද කැපකිරීම් වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කෙරිණි.

පරීක්‍ෂණය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු මූලස්ථානය, අංක 06 බලඝණය, අංක 33 භූමිගත ගුවන් ආරක්‍ෂණ පක්‍ෂාංගය, සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය සහ අංක 21 රෙජිමේන්තු පක්‍ෂාංගය අතුළු කඳවුරේ සියළුම ස්ථාන සිය නිරීක්‍ෂණයට භාජනය කරන ලදී.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් අංක. 06 බලඝනයේදී කඳවුරේ සියලු සාමාජිකයන් අමතන ලදී. අනතුරුව එතුමන් විසින් පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සියළු දෙනාට සුභ පතන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි