ප‍්‍රාසාංගික කලා අධ්‍යක්ෂකය සිය 51 වන සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ ප‍්‍රාසාංගික කලා අධ්‍යක්ෂකය සිය 51 වන සංවත්සරය 2021 ජුලි 01 දින සමරනු ලැබීය. 1970 වර්ෂයේදී ආරම්භ වූ මෙම අධ්‍යක්ෂකය තුළින් පෙරදිග වාද්‍ය වෘන්දය, බීට් කණ්ඩායම, රොක් සංගීත කණ්ඩායම, කැලිප්සෝ සංගීත කණ්ඩායම, ඩී.ජේ ශිල්පීන්,  සාම්ප‍්‍රදායික හා සාම්ප‍්‍රදායික නොවන  නැටුම් කන්ඩායම් ආදී  ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ ගුවන් භටයින් තම හැකියාවන් ප‍්‍රගුණ කරගෙන ඇත.

මේ හා සමගාමීව කැලණිය රජමහා විහාරස්ථානයේදී  බෝධිපූජා පිංකමක් පැවත්වූ අතර  කොවිඩ් -19 සීමාවන් හේතුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ සීමිත පිරිසක් ඒ සඳහා සහභාගී විය.

වර්තමාන ප්‍රසංග කලා අධ්‍යක්‍ෂකයේ  අධ්‍යක්ෂක තුමන් වන ගෲප් කැප්ටන් ඒ.එන් විජේසිරිවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යක්‍ෂකයේ සෙසු සාමාජිකයින් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි