ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි.
ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් 2021 ජූලි මස 09 වන අද දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමන් සහ මහ කොමසාරිස්වරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුණු  අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.මහ කොමසාරිස්වරයා ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත් වීමට පෙර අමුත්තන්ගේ පොතේ සටහනක් ද තැබීය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි