මොරවැව ගුවන් හමුදා කඳවුරට නව අණදෙන නිළධාරීවරයෙක්
මොරවැව ගුවන් හමුදා කඳවුරු නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීමේ හා වැඩ භාර දීමේ පෙළපාලිය අද දින (2021 ජූලි මස 29) පැවැත්වුනු අතර, මෙහිදී ගෲප් කැප්ටන් එච්.ටී.එච් ධර්මදාස විසින් නව අණදෙන නිළධාරී ලෙස පත් වන ගෲප් කැප්ටන් ඞී.එස්.එම්.එල්.කේ සුගතදාස වෙත වැඩ භාර දීම සිදු කරන ලදි.
ගෲප් කැප්ටන් එච්.ටී.එච් ධර්මදාස 2019 සැප්තැම්බර් මස 19 වන දින මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ලෙස පත් වී පැමිණි අතර ඔහු ඉදිරියේදී ගුවන් හමුදා මූලස්ථානයේ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂකයේ මාණ්ඩලික නිළධාරිවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතය.