ගුවන්යානා ඉංජිනේරු ආධාරක පක්ෂාංගයට නව අණදෙන නිළධාරීවරයෙක්
රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන්යානා ඉංජිනේරු ආධාරක පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීමේ හා වැඩ භාර දීමේ පෙළපාලිය අද දින (2021 ජූලි මස 28) පැවැත්වුනු අතර, මෙහිදී ගෲප් කැප්ටන් එස් විතාරණ විසින් නව අණදෙන නිළධාරී ලෙස පත් වන ගෲප් කැප්ටන් යූ.සී.ජේ පියසේන වෙත පක්ෂාංගයේ 06 වන අණදෙන නිළධාරීවරයා ලෙස වැඩ භාර දීම සිදු කරන ලදි.
ගෲප් කැප්ටන් යූ.සී.ජේ පියසේන ගුවන්යානා ඉංජිනේරු ආධාරක පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී ලෙස පත් වීමට පෙර රුසියාවේ මොස්කව්හි පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ අතර, පුරා වසර 32 කට අධික කාල සීමාවක් ගුවන් හමුදාව වෙනුවෙන් හා රට වෙනුවෙන් සේවය කළ ගෲප් කැප්ටන් එස් විතාරණ විශ‍්‍රාම පූර්ව නිවාඩු යාමට නියමිතය.