ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානය ප‍්‍රතිසංස්කරණය කිරිෙමි දෙවන අදියර ජනතා අයිතියට පත්කිරිම
10:10am on Friday 22nd October 2021
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක කරනු ලබන ”ගම සමග පිලිසඳර” වැඩසටහන් මාලාව යටතේ, 2020 දෙසැම්බර් මස 30 වන දින කැබිතිගොල්ලෑව, කණුගහවැව ප‍්‍රදේශයේදී පැවැති වැඩසටහනේදී ජනතාව විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත කරන ලද ඉල්ලීම්වලට අනුව, කණුගහවැව ගම්මානයේ ප‍්‍රජා ස්ථාන ප‍්‍රතිසංස්කරණය සහ නිවාස ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව සිදු කිරිමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් භාරගන්නා ලදී.
 
මෙම ගම්මානයෙහි පවුල් 314 ක් ගම්වැසියන් 942 ක් පමණ ජිවත් වන අතර ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද අවශ්‍යතාවයන්ට අනුව මෙම ආදර්ශ ගම්මානයේ පළමු අදියරේ  ප‍්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ  උපදෙස් හා සෘජු අධික්ෂණය යටතේ කඩිනමින් අවසන් කළ අතර 2021 අපි‍්‍රයල් මස 04 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ජනතා අයිතියට පත් කරන ලදි.

පළමු අදියරේදි කණුගහවැව අභිනවාරාම විහාරස්ථානයේ සංවර්ධන සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු අතරින් බෝධි ප‍්‍රාකාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම්ල ඝන්ඨාර කුළුණ ඉදිකිරීම්.නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම  කණුගහවැව ප‍්‍රථමික විද්‍යාලයේ නව ගුරු නිවාසයක් ඉදිකිරීමල පාසල් ක‍්‍රීඩා පිටියේ ඉදිකිරීමල කටයුතු  හා නව පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම. අවසන්කර ඇති අතර හල්මිල්ලවැටිය විද්‍යාලයේ පරිඝණක විද්‍යාගාරය අළුත්වැඩියා කටයුතු සිදුකිරීම සහ නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම කණුගහවැව ග‍්‍රාමය වටා වි¥ලි අලි වැටක් ඉදිකිරීම නිවාස අහිමි පවුල් සඳහා   අංග සමිපුර්ණ නිවාස 13 ප‍්‍රධානය කිරිම   සිදු විය.

මෙහි දෙවන අදියර ලෙස කණුගහවැව ප‍්‍රථමික විද්‍යාලයේ නව කාර්්‍යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමලකණුගහවැව අභිනවාරාම විහාරස්ථානයේ දහමිපාසල් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරිමල නිවාස අහිමි පවුල් සඳහා අංග සමිපුර්ණ නිවාස 12 ක් ප‍්‍රධානය කිරිම ක‍්‍රිඩා හා තරුණකටයුතු අමාත්‍යය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යසායක සංවර්ධන රාජ්‍යය අමාත්‍යය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු වු අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඉඩමි අමාත්‍ය එස් එමි චන්ද‍්‍රසේන සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද‍්‍ර මුල්‍යය ස්වයද රුකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යය ශේහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ  සහභාගිත්වයේන් 2021 ජුලි 29 දින  සිදු විය.

මෙම ආදර්ශ ගමිමානයේ සංවර්ධන කටයුතු තවදුරටත් සිදුකරනු ලබන අතර ඉදිරියේදි කණුගහවැව සේවා පියස හා බස් නැවතුමිපල ඉදිකිරිමල හල්මිල්ල වැටිය සේවා පියස ඉදිකිරිමල හල්මිල්ල වැටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ප‍්‍රතිසංස්කරනය කිරිමල වොලිබෝල් ක‍්‍රිඩාංගනයක් ඉදිකිරිම ඇතුළු සංවර්ධන කටයුතු රශියක් නිමකිරිමට නියමිතව ඇත.

මෙම සියළු සංවර්ධන ව්‍යාපෘති ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක  එයාර් කොමඩෝ උදුල විජේසිංහ නිළධාරිතුමන්ගේ අධික්ෂණය යටතේ  ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය විසින් සිදු කරනු ලබන අතර ගුවන් හමුදා මුලික කදවුර  වවිනියාව මගින් සියළු සමිබන්ධිකාරක කටයුතු සිදු කරනු ලබයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි