දැයට කිරුළ දැල් පන්දු කිරුළ ගුවන් හමුදාවට
දැයට කිරුළ 2011 වෙනුවෙන් බුත්තලදී පැවති දැල් පන්දු තරගාවලිය ජය ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පසුගියදා සමත්විය.

අවසාන තරගයේදී යුධ හමුදා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් විසින් දැඩි තරග විලාශයක නිරත වුවද ගුවන් හමුදා ජයග්‍රහනය වැළැක්වීමට තරම් එය ප්‍රමානවත් නොවීය. ගෝල 25 ට  23ක් ලෙස යුධ හමුදාව පරජය කිරීමට අවසනදී ගුවන් හමුදාව සමත් විය.

ගරු අග්‍රාමාත්‍ය දි. මු. දසනායක, ප්‍රධාන අමුත්තා ලෙස අවස්ථාවට සහභාගී වු අතර  එතුමා අතින් ගුවන් කාන්තා ජයසූරිය හොදම විදින්නිය ලෙසත් ගුවන් කාන්තා ධම්මිකා  දැල් පන්දු කුමරිය ලෙසත් ත්‍යාග ලබා ගන්නා ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි