ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 08 වන අදියර හිගුරක්ගොඩදී
"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 8 වන අදියර ගුවන් හමුදාව හිඟුරක්ගොඩ කඳවුර විසින් ඊයේ 2021 ජූලි 31 දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන ලද අතර මෙහිදී මැදිරිගිරියේ පිහිටි "සරණ බෞද්ධ පදනමේ මාපිය සෙවණ වැඩිහිටි නිවස" ප්‍රතිසංස්කරණය කර භාර දෙන ලදී.
මෙම උත්සවය සඳහා හිඟුරක්ගොඩ කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී බීනු පින්දෙනිය මහත්මිය සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ප‍්‍රසන්න කුරුවිට මහතා සහභාගී වූහ.
මෙම ව්‍යාපෘතිය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ප‍්‍රසන්න කුරුවිට මහතාගේ අධීක්ෂණය යටතේ නිම කරන ලද අතර මුළුතැන්ගෙය සහ අවට ගොඩනැගිලි වර්ණ ගැන්වීම, හානියට පත් වූ බිත්ති සහ වහලය ප්‍රතිසංස්කරණය කිරීම, අවට පිරිසිදු කිරීම සිදු කරන ලදී.
තවද,උත්සවය අතර තුර වැඩිහිටි නිවාසයේ දෙමාව්පියන් හට වියළි සලාක සහ නව බොයිලේරුවක් පරිත්‍යාග කරන ලදී.මෙම අවස්ථාව සඳහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි විය.