ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
ගෲප් කැප්ටන් යූපීවයිආර් පතිරණ මහතා විසින් ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීඑම්ආර් දසනායක මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2021 ජුලි මස 30 වන දින ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි

ගෲප් කැප්ටන් ඩීඑම්ආර් දසනායක මහතා ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්වීමට ප‍්‍රථම ඔහු ගුවන් හමුදා මූලස්ථානයේ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්‍ෂක කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි II වශයෙන් රාජකාරී කරන ලදී.

ගෲප් කැප්ටන් යූපීවයිආර් පතිරණ මහතා 2019 අගෝස්තු 24 දින ඉරනමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්වු අතර අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි