දියතලාව සටන් පුහුණු පාසලේ අංක 75 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව අධිකාරියට පත්කිරීම සහ අවි පුහුණු උපදේශකවරුන්ගේ ලෙන්යාඩ් සහ යස්ටි ප්‍රදානය කිරීමේ උත්සවය
අංක 75 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව අධිකාරියට පත්කිරීම සහ අංක 52 රෙජිමේන්තු කැඩෙට් නිලධාරී, අංක 58 ගුවන් භට සහ අංක 17 ගුවන් කාන්තා  අවි පුහුණු උපදේශකවරුන්ගේ ලෙන්යාඩ් සහ යස්ටි ප්‍රදානය කිරීමේ උත්සවය අගෝස්තු මස 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාවේ දී පැවැත්විණ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පීඑස්එන් ප්‍රනාන්දු මහතා සහ  අණදෙන නිලධාරී පුහුණු විංග් කමාන්ඩර් ආර්එන්ඩී සේනාධීර මහතා ඇතුලු  සියලුම නිලධාරීන් සහ උපදේශකවරුන් මෙම  අවස්ථාවට සහභාගී විය.

මූලික සටන් පුහුණුව සහ පරිපාලන පුහුණු සාර්ථකව අවසන් කරන ලද ශිෂ්‍ය නිළධාරීන් 11 දෙනෙකු අධිකාරියට පත් කිරිම මෙහිදි සිදුවු අතර රෙජිමේන්තු කැඩෙට් නිළධාරීන් 05 දෙනෙකුද එක් කාන්තා කැඩෙට් නිලධාරිනියක්ද ගුවන් භටයින් 38 දෙනෙකු සහ ගුවන් කාන්තාවන් දෙදෙනෙකු හට ලෙන්යාඩ් සහ යස්ටි ප‍්‍රධානය කිරිම මෙම උත්සවයේදී සිදුවිය. මෙහිදී කෝප්‍රල් ජයසිංහ කේඩී පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතම  උපදේශක ලෙස සම්මාන ලැබීය.

අණදෙන නිලධාරීතුමන් නව උපදේශකයින් ඇමතූ අතර පාඨමාලාව සාර්ථකව නිම කිරීම පිළිබඳව ඔවුන්ට සුබ පැතුම් එක් කළ කරමින් අවධාරණය කළේ උපදේශකවරු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තම උපදේශකත්වයේ රාජකාරි ඉටු කිරීමට නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ යුතු බවය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි