ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ප‍්‍රධානත්වයෙන් කටුනායක කඳවුරේදී ලේ දන්දීමෙි වැඩසටහනක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ජාතික රුධිර පාරවිලයන සේවාව සමග එක්ව ඊයේ දින (2021 අගෝස්තු මස 04* කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ලේ දන්දීමෙි වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලදි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනී පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහයෝගය මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක විය.
 
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රට තුළ පවතින වසංගත තත්වය තුළ රුධිර නිෂ්පාදන සඳහා ඇති අධික ඉල්ලූම සපුරාලීමට හැකි වන පරිදි ජාතික රුධිර පාරවිලයන සේවයට පරිත්‍යාග කිරීමයි.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි රෝහල් අණදෙන නිළධාරී ඉනෝකා රාජපක්ෂ මහත්මිය ඇතුලූ ගුවන් හමුදා කටුනායක කඳවුරේ නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගී වූ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැඩසටහන පවත්වන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි