ගුවන් හමුදාධිපති කුසලාන රග්බි තරගාවලියේ දෙවන අදියරේ ජය CH & FC කණ්ඩායමට
11:59am on Friday 29th October 2021
රට තුල පවතින කොවිඩි වසංගතය හේතුවෙන් 2020 මාර්තු මස සිට ඇණහිට තිබූ රගර් ක‍්‍රිඩාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධීක්ෂනය යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදාධිපති කුසලාන රග්බි තරගාවලියේ දෙවන අදියර 2021 අගෝස්තු මස 22 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරු රග්බි ක‍්‍රිඩාංගනයේදී CH & FC  කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති අතර එහිදි CH & FC  කණ්ඩායම ගුවන් හමුදා කණ්ඩායම පරදා ලකුණු 29 යට ලකුණු 11 ක් ලෙස ජයගන්නා ලදි මෙම තරගාවලියේ පළමු අදියරේ ජයද CH & FC   කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදි.

මෙම තරගයේදි CH & FC  කණ්ඩායම ලකුණු 29ක් (උත්සාහක දිනුම් 05, ප‍්‍රවර්දන 02) ලබාගත් අතර ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 11 ක් (උත්සාහක දිනුම් 01,Drop goal 01, දඩුවම් පහර 01) ලබා ගන්නා ලදි.  ජයග‍්‍රාහකයින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13 -06 ක් ලෙස ඉදිරියෙන් සිටින ලදි. ජයග‍්‍රාහී CH & FC කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්ථා කළේ අවිෂ්ක ලී (උත්සාහක දිනුම් 02) සුදර්ශන මුතුතන්ත‍්‍රී (උත්සාහක දිනුම් 01) ඔමල්ක ගුණරත්න (උත්සාහක දිනුම් 01) ප‍්‍රසාද් මධුශංක (උත්සාහක දිනුම් 01) යන ක‍්‍රීඩකයින් වන අතර ප‍්‍රවර්දන දිනුම් දෙක center තේනුක නානායක්කාර විසින් ලබා ගන්නා ලදි.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් රුමේෂ් රාම්දාස් විසින් උත්සාහක දිනුමක් වාර්ථා කළ අතර ඉෂාර මධුෂාන් විසින් Drop goal එකක් ද, චරිත් සෙනෙවිරත්න විසින් දඩුවම් පහර 01 එකක් වාර්ථා කර ගන්නා ලදි.

මෙම තරගාවලිය සඳහා සහභාගී වූ සියලූම ක‍්‍රීඩකයන් හා සහායක කාර්යය මණ්ඩලය ජෛව ආරක්ෂිත බුබුලක් තුළ සිට පුහුණුවීම් සිදු කර ඇති අතර තරගාවලිය තුළ කිසිඳු සෞඛ්‍ය අවධානමක් ඇතිවීම වැළැක්වීම සඳහා 2021 අගෝස්තු මස 22 වන දින දක්වා එය ක‍්‍රියාත්මක විය. තවද මෙම තරගය නරඹන්නන් නොමැතිව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය වග බලා ගන්නා ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි