ලංකා හොස්පිටල් ගොඩනැගිල්ලේදී ගිණි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහන සාර්ථකව නිමකෙරේ
ප්‍රථම වතාවට රෝහලක් තුල සිදුකල ගිණි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් ගුවන් හමුදා ගිණි නිවාරන ඒකකය විසින් අද (10) උදැසන සාර්ථකව නිම කරන ලදී.

ගුවන් හමුදා ගිණි නිවාරන ඒකකයේ අණදෙන නිලධාරී බලඝණ නායක සී.පී. හෙට්ටිආරච්චි ගේ නායකත්වයෙන් හා අධීක්ෂනයෙන් යුත් ගිණි නිවාරන හා මුදවා ගැනීමේ භටයින් 37 න් සමන්විත කණ්ඩායමක් විසින් මෙම පුහුනු වැඩසටහන දියත් කරන ලදී.

ඉතා ඉවසීමෙන් හා පුහුණුවෙන් ලද පන්ණරය උපයෝගි කරගනිමින් තැනට සුදුසු නුවණ යොදා ගනිමින් හදිසි ගින්නකට මුහුන දෙන ආකාරය පිළිබද මෙහෙය වූ අති සාර්ථක තෙවන පුහුණු වැඩසටහන මෙය වීම විශේශත්වයකි.

මෙම පුහුණු වැඩසටහනේදී 500 ආසන්න රෝහල් පරිස්‍රයේ සිටින පිරිසගේ ජීවිත අවස්ථානුකූලව  බේරා ගැනීමට කටයුතු කල අතර අධික තෙරපුමකින් යුත් වතුර විදින භට යොදා ගනිමින් ගිණි නිවීමේ කටයුතු සිදුකල අතර , කබ හා ගිණි නිවීමේ විශේෂ රථ උපයෝගී කරගෙන එහි ඇති ඉනිමං ආධාරයෙන් ඉහල මාල වල සිටින පිරිස පහලට ගෙන ඒමත්, පහල මාලවල සිරවී සිටින පුද්ගලයින් භූමියෙහි ස්ථාන ගත කර තිබූ පුරවන ලද වේදිකාවක් මතට පැන තම ජීවිත බේරා ගන්නා ආකාරය පිළිබද දැනුවත් කරන ලදී.ඉන් අනතුරුව ප්‍රථමාධාර සපයන අකාරයන් පිළිබදවද පුළුල් ලෙස දැනුවත් කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි