කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර සිය 70 වැනි සංවත්සරය සමරයි
9:42am on Saturday 6th November 2021
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර සිය 70 වැනි සංවත්සරය 2021 සැප්තැම්බර් 01 වන දින සමරනු ලැබීය. කටුනායක ගුවන් හමුදා කඳවුර 1940 දී රාජකීය ගුවන් හමුදාව විසින් සංක්‍රමණ කඳවුරක් ලෙස ස්ථාපිත කරන ලදී. 1948 වර්ෂයේදී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු කටුනායක කඳවුර 1951 සැප්තැම්බර් 01 වන දින චිප්මන්ක් ගුවන් යානා 4 කින් සමන්විත පියාසර පක්‍ෂාංගයක් ලෙස නැවත විවෘත කරන ලදී. මෙම කඳවුරේ ප්‍රථම අණදෙන නිලධාරියා ලෙස ස්කෝඩ්‍රන් ලීඩර් එල් ජී ලැන්ග් කටයුතු කල අතර මේ දක්වා නිලධාරීන් 35 දෙනෙකු මෙම කඳවුරට අණ ලබාදී ඇත. දැනට කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබයි.

තවද කටුනායක පිහිටා ඇති අංක 02 ප්‍රවාහන බළඝණය 1957 සැප්තැම්බර් 01 දින පිහිටුවන ලද අතර ඉන් අනතුරුව අනෙකුත් පක්‍ෂාංග ස්ථාපිත කරන ලදී. වර්තමානයේ මෙම කඳවුර තුළ පියාසර පක්‍ෂාංග 03 ක් සහ අනෙකුත් පක්‍ෂාංග 29 ක් පිහිටා ඇති අතර සමස්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවටම අත්‍යවශ්‍ය සේවාවන් එමගින් සපයනු ලබයි.

කඳවුරේ 70 වැනි සංවත්සරයට සමගාමීව 2021 අගෝස්තු 30 වන දින මීගමුව අබේසේකරාරාම විහාරස්ථානයේදී ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර කඳවුරු අණදෙන නිළධාරී ඇතුලු පක්‍ෂාංග අණදෙන නිළධාරීන්ද, සෙසු නිලයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සුලු පිරිසකගේ සහභාගීත්වයෙන් කඳවුරු විහාරස්ථානයේ ආගමික උත්සවයක්  කොවිඩ් -19 වැළැක්වීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින් පවත්වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි