ගං වතුරෙන් අවතැන් වූවන් හට ගුවන් හමුදා මාමඩුව කදවුරෙන් පිළිසරණක්
හදිසි ගංවතුර තත්වය හේත්වෙන් කොඩච්කොඩිය ප්‍රදේශයේ නිවාස හා දේපල අහිමිව අවතැන් ජනතාව වෙනුවෙන් තාවකාලික නවාතැන් පහසුකම් හා මූලික අවශ්‍යතාවයන් සපුරාලීමට ගුවන් හමුදා මාමඩුව කදවුරු සේවා පුද්ගලයින් සමත් විය.

මධ්‍යම උතුරු පළත පුරා විහිදෙන මෙම ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 150 අධික සංක්‍යාවක් අවතැන් වී ඇති අතර නිවාස හා දේපල හානි ද සිදුවී ඇත.

ගුවන් හමුදා මාමඩුව කදවුරු අණදෙන නිලධාරී බලඝණ නායක පී.එස්.ඩබ්. මොල්ලිගොඩගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ කදවුරු සේවා පුද්ගලයින්ගේ නොමද කැපවීමෙන් හා සහයෝගයෙන් අවතැන් ජනතාව උදෙසා කොඩච්චිකොඩිය පාසලේ හා ප්‍රජා ශාලාවේ නවාතැන් පහසුකම් සපයන ලදී.මීට අමතරව ඔවුන්ගේ සනීපාර්ක්ෂක හා මූලික අවශ්‍යතාවයන් ගැනද විශේෂ අවධානයක් යොමුකොට උපරිම ලෙස අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සමත් විය


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි