
ඉන්දියාවේ ඊශ‍්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ ඊශ‍්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත කර්නල් අසාෆ් මලර් අද (2021 ඔක්තෝබර් 06 වන දින) උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.
ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක උපදේශක තුමන් අතර දෙපාර්ශවයටම වැදගත් වූ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.