දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලෙහි 36 වන අණදෙන නිළධාරී එයාර් කොමඩර් පීඑස්එන් ප්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දින (2021 ඔක්තෝබර් 15) සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී.

සාම්ප්‍රදායික ලෙස වැඩ පෙළපාලියකින් සහ සියලුම නිලයන් ඇමතීමෙන් සංවත්සර සැමරුම දිග හැරුණු අතර එහිදී ගුවන් හමුදාවට සහ විශේෂයෙන් ජාතියට සටන් පුහුණු පාසලේ වැදගත්කම සහ ඓතිහාසික වටිනාකම අණදෙන නිලධාරි තුමන් විසින් අවධාරණය කරන ලදී. තවද ආයතනික අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින කොවිඩ් -19 තත්ත්ව යටතේ සහ වෙනත් අභියෝගාත්මක අවස්ථාවන්හිදී සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සේවා පුද්ගලයින් විසින් සපයන ලද දැවැන්ත දායකත්වය ඔහු අගය කළේය.

සංවත්සර උත්සවයට සමගාමීව දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ සහ කහගොල්ල මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිලිවල වර්ණ ආලේප කිරීම සහ අලුත්වැඩියා කටයුතු හා ශ්‍රමදාන ව්‍යාපාරයක් ද පවත්වන ලදී. වැඩසටහනට සමගාමීව අණදෙන නිළධාරී තුමා ඇතුලු නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පාසල් පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී.

අනතුරුව පාසලේ සියලුම නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අතර සුහදතාවය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා වැඩසටහන් සංවිධානය කරන ලදී. මෙම සියලුම වැඩසටහන් සිදු කරනු ලැබුවේ කොවිඩ් -19 වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි