ඉන්දියානු යුද්ධ හමුදා ප‍්‍රධානී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි
ශ‍්‍රි ලංකාවෙි සංචාරයේ නියුතු ඉන්දියානු යුද්ධ හමුදා ප‍්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරවානේ මැතිතුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ  මැතිතුමන් අතර නිළ හමුව අද දින (2021 ඔක්තොම්බර් මස 16) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය.

ගුවන් හමුදා මූලස්ථානයට පැමිණි ඉන්දියානු යුධ හමුදා ප‍්‍රධානී තුමන් වෙනුවෙන් ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් සමිමාන මුර පෙළපාලියක් ද පවත්වන ලදී.

අනතුරුව ඉන්දියානු යුධ හමුදා ප‍්‍රධානී තුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් දෙරට අතර හමුදා පුහුණුවිමි සහ කලාපීය ආරක්ෂාව පිළිබද සුහද කතාබහක නිරිත වු අතර දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිගැන්වීම පිණිස සමරු ඵලක හුවමාරු කරගන්නා ලදි.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් ද සහභාගි විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි