ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැල්ලවත්තේදී ගුවන් යානාවක් කඩා වැටීමේ දී ක්‍ෂණික ව ක‍්‍රියාකිරීමේ අභ්‍යාසයක් පවත්වයි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මහතාගේ උපදෙස් පරිදි කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එම්ඩීජේ වාසගේ මහතාගේ සමස්ථ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා කොළඹ  කඳවුර විසින් ඊයේ (2021 ඔක්තෝම්බර් මස 21 වන දින) වැල්ලවත්ත ෆ්‍රේසර් පිටියේදී ගුවන් යානාවක් කඩා වැටීමේ දී ක්‍ෂණික ව ක‍්‍රියාකිරීමේ අභ්‍යාසයක් පවත්වන ලදී.

ප‍්‍රභූවරුන් 04 දෙනෙකු ඇතුළු මගීන් දහසය දෙනෙකු සමඟ එම්අයි-17 හෙලිකොප්ටරයක් වැල්ලවත්ත ෆේසර් ක්‍රීඩාංගණයට හදිසි කඩා වැටීමක් සිදු වූ ආකාරය අනුකරණය කිරීම තුළින් මෙවැනි සජීවී තත්වයක් තුළ අදාළ අංශයන්හි ප්‍රතිචාරය පෙරහුරු කිරීම සහ තක්සේරු කිරීම සඳහා මෙම අභ්‍යාසය සිදු කරන ලදී.

මෙම අභ්‍යයාසය සඳහා කොළඹ ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ අංශය, ආපදා සහය සහ ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම්, රෙජිමේන්තු විශේෂ බළකා කණ්ඩායම්, වෛද්‍ය කණ්ඩායම් සහභාගී වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි